රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලන තීරන හේතුවෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුළ මේ වන විට පැන නැගී තිබෙන බරපතළ ගැටලු සහ සෞඛ්‍ය වෘත්තිකයින් වශයෙන්, ගුණාත්මක සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ දී
මුහුණ දෙන අභියෝග ජයගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ හෙට දවස සුරක්ෂිත කිරීම උදෙසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ම වෘත්තීය සමිති එක්ව ගෙඩනගනු ලබන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවය සහ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පෙබරවාරි 27 (අද) පස්වරු 01.00ට ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
එම අවස්ථාවට සහභාගි වීම සඳහා සියලු මාධ්‍ය ආයතන වෙත කෙරෙන ආරාධනය යි..!


