පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුව, 'පන්තියට බලය-බලයට පක්ෂය' යන තේමාවෙන්, 2026 මාර්තු 1වන දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම 4 වන ජාතික සමුළුව හේතු කිහිපයක් නිසා ලංකාවේ ජනතාවට වැදගත්වන බව අපගේ අදහසයි.පළමුවෙන්ම, 2022 ජනතා අරගලයෙන් පසුව පැරණි ධනපති දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ජනතාව වෙනස් මගක් තෝරාගෙන ඇති බව පෙන්නුම් කරමින් සිටී.
දෙවනුව වැදගත් කාරණයක් වන්නේ, සිය මුල් පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන මගක් තෝරාගැනීමට පෙසප ආරම්භක සාමාජිකත්වයට බල කළ වූ කරුණු තවදුරටත් සනාථ කරමින් එම මුල් පක්ෂය වන ජවිපෙ ආණ්ඩු බලය හසුරුවමින් සිටීම යි.දෙවනුව, වැදගත් කරුණ නම්, වෙනම දේශපාලන මාවතක් තෝරා ගැනීම සඳහා FLSP හි ආරම්භක සාමාජිකයින්ට ඉවත් වීමට සිදු වූ පැරණි දේශපාලන පක්ෂය වන JVP, රජයේ බලය අල්ලාගෙන සිටීමයි, එය ඉවත් වීමට හේතු තවදුරටත් සනාථ කරයි.
තෙවනුව වැදගත් කාරණයක් වන්නේ, මුල් පක්ෂය වන ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන මගක් තෝරාගැනීමට පෙසප ආරම්භක සාමාජිකත්වයට බලකලා වූ කරුණු තවදුරටත් සනාථ කරමින් ආණ්ඩු බලය හසුරුවමින් සිටීමයි.එසේම, මෙවර පෙසප 4වන සමුළුවේදී මේ රටේ ජනතාව ජාතිකත්ව පදනමින් බෙදා වෙන් කරන ජාතිවාදී දේශපාලනයට එරෙහිව, ජාතික ප්‍රශ්නය විසඳීමේ උපායමාර්ගික සැලැස්මක් ජනතාව හමුවට ගෙන එනු ලැබීමයි.
පෙසප සමුළුවේ වඩාත් වැදගත් කාරණය වන්නේ, 2022 අරගලයේ දී ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනස 2024 මැතිවරණවලින් ඉටු කරගැනීමට නොහැකි බව ඒත්තු ගනිමින් සිටින ලාංකීය පීඩිත ජනයාට නව වාමාංශික මාවතක් පෙන්නුම් කරමින් පෙසප සිය 4වන සමුළුවේ දී උපායමාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමයි.පෙසප පක්ෂය නිල වශයෙන් ස්ථාපිත කර වසර 14 ක් ගතවී ඇති අතර, පීඩිත පන්තියේ අරමුණු ඉටුකරගැනීමට ඔවුන්ගේ ම සංවිධානාත්මක බලයක් වෙනුවෙන් ද සමාජවාදී සමාජ පරිවර්තනයක් දිශාවට ජනතාව සංවිධානය කිරීමේ වගකීම උරමතට ගනිමින් මේ සමුළුව ජයග්‍රාහීව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇත.
එසේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වයට නායකත්වය දීම සඳහා පක්ෂ සාමාජිකත්වයේ තීරණ අනුව, නව මධ්‍යම කාරක සභාවක් පත් කිරීම ද 4වන ජාතික සමුළුවේදී සිදු කරනු ඇත.


