නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2024, 2025 සහ 2026 යන වර්ෂවල මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

මේ යටතේ 2024, 2025 සහ 2026 යන වර්ෂවල මුද්‍රිත නවකතා, කෙටිකතා, පද්‍ය වැනි නිර්මාණාත්මක කෘති ද, ශාස්ත්‍රීය සහ පර්යේෂණාත්මක කෘති ද භාර ගැනීම 2026 මාර්තු 03වන දා සිට අප්‍රේල් 10වන දා දක්වා සිදු කරන අතර අදාළ අයදුම්පත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 'ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශයෙන් මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි ය.

ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ අලෙවි කර ගැනීමේ දී ලේඛකයන් මුහුණ පාන ගැටලු සඳහා සහනයක් ලබා දීම, ගුණාත්මක මට්ටමේ කෘති මිල දී ගැනීම, පුස්තකාල සංවර්ධනය, කියවීම ප්‍රවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛකයන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකතන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීම හරහා ද මෙම ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු ආදිය ලබා ගත හැකිය.

 

book

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න