ඩේලි මිරර් පුවත්පත සහ එහි වෙබ් අඩවියේ සේවය කරන ජනමාධ්‍යවේදීන් විසින් මාස දෙකක හිඟ දීමනා සහ පෙබරවාරි මාසයට අදාළ වැටුප් නොගෙවීම හේතුවෙන් ප්‍රවෘත්ති සැපයීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
පාලනාධිකාරිය විසින් විධායක නොවන ශ්‍රේණියේ සේවකයින් ගේ වැටුප් මාර්තු 5 දින ගෙවීමටත්, විධායක ශ්‍රේණියේ වැටුප් මාර්තු 10න් පසුව ගෙවීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා වැටුප් නියමිත වේලාවට නොගෙවීම හේතුවෙන් මාධ්‍යවේදීන් දැඩි ආර්ථික අපහසුතාවයට මුහුණ දී ඇතැයි සඳහන් වේ. මේ පිළිබඳව කළ ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් හිඟ මුදල් ගෙවෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔවුහු පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
