සියලු ම රටවල ජනතාව ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා - නාමල් රාජපක්ෂ

සියලු ම රටවල ජනතාව ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා - නාමල් රාජපක්ෂ

පසුගිය දිනවල මැදපෙරදිග කලාපයේ සිවිල් වැසියන්ට: මිසයිල  ප්‍රහාරවලින් ගොඩනැගිලි, සාප්පු සංකීර්ණ මෙන්ම හෝටල් වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් තුවාල සිදුවන බවට වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙමින් පවතී.

මේ හේතුවෙන් සිවිල් වැසියන් සැඟවී සිටීමට සහ නවාතැන් ගැනීමට ආරක්ෂිත ස්ථාන සොයමින් බියට පත් වී ඇත.

සිවිල් වැසියන් කිසි විටෙකත් කිසිදු හමුදා ක්‍රියාමාර්ගයකට හෝ යුද්ධයකට ගොදුරු නොවිය යුතු බව මම විශ්වාස කරන අතර  මැදපෙරදිග ඇතුළු බලපෑමට ලක් වූ සියලුම රටවල්වල සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවට මැදපෙරදිග කලාපය වැදගත් වන්නේ දැනට එහි දහස් ගණනක් ස්වදේශිකයින් සේවයේ නිරතවන බැවිනි. ශ්‍රී ලංකාව කලාපය සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද පවත්වයි. එබැවින් ගල්ෆ් කලාපයේ ආරක්ෂාව  සහ ස්ථාවරත්වය අපට ජාතික වැදගත්කමක් ඇති කරුණකි.

සිවිල් වැසියන්, ආර්ථික මධ්‍යස්ථාන හෝ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් තොරව වුව ද ගනු ලබන ඕනෑම යුදමය ක්‍රියාමාර්ගයක් හෝ පිළිගත නොහැකි අතර එවැනි ක්‍රියාමාර්ග රටවල්වල අස්ථාවරත්වය ගැඹුරට තල්ලු කරන, ලොව පුරා වියවුල්සහගත බව සහ ජනතාව අතර බිය පැතිර යන තත්ත්ව ඇති කරන්නකි.

namal

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න