පොහොට්ටු - බයිසිකල් මහරගමදී ගැටෙයි : නගරසභාව අනාථයි !

පොහොට්ටු - බයිසිකල් මහරගමදී ගැටෙයි : නගරසභාව අනාථයි !

මහරගම මහ නගරසාභාවේ හිටපු නගරාධිපතිනිය එහි  බයිසිකලය සලකුණ යටතේ පාලන බලය ලබාගෙන සිටින පිරිස විවේචනය කිරීම හේතුවෙන් සභාවේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බවත් ඒ හමුවේ සභාවේ කටයුතු තාවකාලිකව නවත්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ මහරගම මහ නගර සභාවට පිට ප්‍රදේශ වලින්  බයිසිකලය සලකුණ යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි  හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර   පැවසීමෙන්  අනතුරුවය.

සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) මහරගම නගර සභාව පැවැත්වූ අවස්ථාවේ මෙය සිදුව ඇති අතර එසේම ඉකුත් 07 වැනිදා පැවැති සභාවාරය සඳහා  දැන්මුදීමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින්  වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින්  විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරුන් පිරිසක්   විරෝධතාවකද නිරතවූ බව දැනගන්නට ඇත.

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදුන් ස්වාධීන කණ්ඩායම වන බයිසිකලයෙන් ඉදිරිපත්වූ පාර්ශව අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේද සභාවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සම්බන්ධව අවධානමක් ඇති බව මහරගම මහ නගරසභා නියෝජිතයකු newstube.lk  වෙත පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න