වුල්වර්ඩ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට නිල වශයෙන් ආරාධනා කර තිබූ බව එම විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද ලිපි මගින් තහවුරු වී තිබේ.
උපකුලපතිවරයාගේ නිල ආරාධනා පත්‍රය
විශ්වවිද්‍යාලය වෙනුවෙන් 2023 සැප්තැම්බර් 01 වන දිනැතිව මෙම නිල ආරාධනය සිදුකර ඇත්තේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටරි (Prof. John Raftery) විසිනි. අදාළ ආරාධනා පත්‍රය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
ආරාධනා පත්‍රය
එම ආරාධනා පත්‍රයේ ඇතුළත් ප්‍රධාන කරුණු පහත පරිදි වේ:
*ආරාධිතයින්:- ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ.
*උත්සවයේ ස්වභාවය:- 2023 සැප්තැම්බර් 22 වන සිකුරාදා වුල්වර්හැම්ප්ටන් මණ්ඩපයේදී පැවැත්වෙන විශේෂ උපාධි ප්‍රදානෝත්සව දිවා භෝජන සංග්‍රහය (graduation luncheon).
*අරමුණ:- මෙම භෝජන සංග්‍රහය මහාචාර්ය වික්‍රමසිංහ වෙත පිරිනැමෙන ගෞරව මහාචාර්ය පදවිය සැමරීමේ උත්සව මාලාවේ කොටසකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
