පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා වෙතින්  ජනාධිපතිවරයාට පැසසුම්...!

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා වෙතින්  ජනාධිපතිවරයාට පැසසුම්...!

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට පත් වූ ඉරාන නාවික කාර්ය මණ්ඩලයක් කඩිනමින් බේරාගැනීම සඳහා ගත් කඩිනම් පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා  ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතිය පළ කර ඇත.

පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතියට (UN Maritime Law) අනුව මුහුදේ දී සිදුවන අනතුරුවල දී මිනිස් ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටින බවයි.

මෙම මානුෂීය මෙහෙයුම හරහා ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර වගකීම මනාව ඉටුකර ඇති බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා ලබා දුන් ක්ෂණික මැදිහත්වීම සහ නායකත්වය ඉහළින්ම අගය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම ක්‍රියාමාර්ගය තුළින් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය වන බව ද ඔහු සිය කතාවේ දී පැහැදිලි කළේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න