ශ්‍රී ලංකාව 2026 අයෝරා දිනය සමරයි

ශ්‍රී ලංකාව 2026 අයෝරා දිනය සමරයි

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව මාර්තු 11 අයෝරා දිනය සැමරීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විශිෂ්ටතා මධ්‍යස්ථානයේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම දෙමුහුන් උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සාගර පාලනයේ කලාපීය සහයයෝගීතාව ශක්තිමත් කිරීම සහ පාරිසරික  තිරසාරභාවය ප්‍රවර්ධනය  කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරමින්, ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (අයෝරා) මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙම සැමරුම මගින් අවධාරණය කෙරිණි.

ඉන්දියානු සාගර කලාපය පුරා සිටින ප්‍රජාවන්ගේ යහපැවැත්ම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේදී කලාපීය සහයයෝගීතාව අවධාරණය කරමින්  ‘අයෝරා ජීවන තත්ත්වය නංවාලයි’ යන 2026 වසරේ අයෝරා දින තේමාව මෙම උත්සවයේදී ඉස්මතු විය.

ඉන්දියානු සාගර කලාපය තුළ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ සාගරය මත පදනම් වූ තිරසර සංවර්ධනය  ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සතු කාර්යභාරය නියෝජ්‍ය  අමාතයවරයා සිය අදහස් දැක්වීමේදී ඉස්මතු කළේය.

නව මුලපිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය, ඉන්දියානු සාගර කලාපය පුරා විද්‍යාව පාදක සාගර පාලනයට සහය වීම සඳහා පර්‍යේෂණ, දැනුම හුවමාරුව සහ ශක්‍යතා සංවර්ධනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇති බවයි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව් රන්ජ්‍න් ගේ පණිවිඩය මාර්තගගත ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකාව විසින් සාගර විද්‍යා සහ පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලද අතර එය කලාපීය විද්‍යාත්මක සහයෝගීතාව සහ දැනුම හුවමාරුව ශක්තිමත් කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ඉන්දියානු සාගර කලාපය පුරා ප්‍රධාන සාගර හා පාරිසරික ගැටලු පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යෑම අරමුණු කරගත් වෙබ් සම්මන්ත්‍රණ මාලාවක් ද ආරම්භ කරන ලදී.

මෙහි  ප්‍රධාන දේශනය බටහිර ඕස්ට්‍රේලියානු  විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි විසින් පවත්වන ලදී.

අයෝරා සාමාජික රටවල දූත මණ්ඩල ප්‍රධානීහු, සංවාද හවුල්කරුවන්ගේ  දූත මණ්ඩල ප්‍රධානීහු, නිරීක්ෂක රටවල සහ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පාර්කවකරුවෝ ද ඇතුළු  විශාල පිරිසක් භෞතිකව සහ මාර්ග ගතව මෙම වැඩසටහනට එක්වූ හ.

 

|dinamina

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න