කොතලාවල පනත සයිටම් සටනේ ජයග්‍රහණයක් - දුමින්ද

කොතලාවල පනත සයිටම් සටනේ ජයග්‍රහණයක් - දුමින්ද

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත  සම්මත වීම සමඟ  නිදහස් අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තිය අහෝසි නොවූවත් සයිටම් අරගලයේ යම් ජයග‍්‍රහනයක් පෙන්වන  බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍ර‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

එසේම මේ හරහා  නිදහස් අධ්‍යාපනය අහොසි කරමින් පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල ආරම්භ කිරීමට ආණ්ඩුව සම්පූරණයෙන් ඉඩකඩ හදාගෙන ඇති බවද එහිදී ඔහු පවසා ඇත.

එහිදී ඔහු තවදුටත් කියා සිටියේ සයිටම් අරගලය ප‍්‍රධාන කරුණු 2ක් මත ආරම්භ වූ බවත් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සහ   සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය සමිබන්ධ ගැටලූවත් ඒ අතර වූ බවය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා, ආණ්ඩුව මේ අරගලයට වෙට්ටු දමමින් , ආණ්ඩුවේ උවමනාව ඉස්ඨකරගැනීමට විවිධ යොජනා ගෙන ආවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය සෘජුවම මර්දනයට ලක්කළා. එවැනි තත්වයන් ගණනාවක් ඇතුලේ තමයි මේ අරගලය ඉදිරියට පැමිණියේ. ආණ්ඩුව මැදිහත් වුනේ සයිටම් සිසුන්ට අසාධාරණයක් කියක පැත්තෙන් . සයිටම් සිසුනුත් මුලදී හිතුවා ආණුඩුව පෙනීසිටින්නේ ඔවුන් වෙනුවෙන් කියලා. හැබැයි ආණ්ඩුව දිගටම කළේ ඔවුන්ව පාවිච්චි කරගනිමින් පුද්ගලික වෛද්‍ය ආරම්භ කිරීමේ ප‍්‍රතිපත්තිය තහවුරු කරගන්න උත්හකිරීම. එක වෙලාවක යොජනා වුනා sliit ආයතනයට සම්බන්ධ කරවන්න. තවත් වෙලාවක සයිටම් ආයතනය තවදුරටත් පවත්වගන යකන්න. ඒ අතරේ දී තවත් පනත් කෙටුම්පතක් ගෙනවා කොතලාවල ආයතනයට විශේෂ බලයක් පවරලා. ඒ පනතට අනුව 1978 විශ්වවිද්‍යාල පනතට වඩා වැඩි බලතල කොතලාවල ආයතනයට ලබාදෙනවා. ඒ පනත සම්මත වුනානම් අද ලංකාවේ උසස් අධ්‍යාපනයේ මලගම. 

මේ පනතේ මූලික වශයෙනස් ගැටලූ 3ක් තිබෙනවා. සයිටම් ආයතනය අහෝසිවෙනවාද නැද්ද යන්න සඳහන් වෙවන්නේ නෑ. දෙවනි ගැටලූව ප‍්‍රමිතිය සම්බන්ධවයි. තුන්වන කාරනය තමයි කොතලාවල කළමණාකරන මණ්ඩලවයට උපාධිය සමිබන්ධ සියලූ තීරණ ගැනීමේ අයිතිය පැවරීම.
ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වෛi සභාවේ යොජනාව වුනේ අවම සුදුසුකම උසස් පෙළ විභාගයේන්. ක්‍ S2 ,  සහ C1 ක් ලබාගැනීම. මෙම ප‍්‍රමිතියට අරගලයේ සිටි බොහෝදෙනෙක් එකගවුනේ නෑ. මේ නව පනතේ අවම ප‍්‍රමිතිය ලෙස යෝජනා වන්නේ S3. එය සම්පූර්ණ කළ යුක්තේ එක් වරකදී  S 3ක්ද නැත්නම්  S 1 බැගින් ලභාගත යුක්තේ විභාග අවස්ථා කිහිපයකද යන්නද සඳහන් වී නෑ.

ඒමෙන්ම උපාධි ප‍්‍රදානය කිරීම සහ උපාධියේ ප‍්‍රමිතිය සම්බන්ධව පූර්ණලෙස තීරණය ගැනීමේ බලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමණාකරන මණ්ඩලයට පවරලා. එම නිසා තවදුරටත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව වගකීමෙන් නිදහස් වෙනවා. 

මේ පනතට අවසන් මොහොතේදී සංශෝධනයක් විදිහට කරුණු ප‍්‍රමාණයක් එකතු කරලා තිබෙනවා. ඒ අනුව සයිටම් ආයතනය තවමත් අහෝසි  වී නැතත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සයිටම් සිසුන් බදවාගත් පසු සයිටම් ආයතනය වැසී යනවා. මෙය සිටම් විරෝධී අරගලයේ යම් ජයහ‍්‍රහනයක් නමුත් පාසල් අධ්‍යාපනයේ මුදල් අයකරනවා, උසස් අධ්‍යාපනය විකුණන රජයේ මුදලින් අරඹපු විශ්වවිද්‍යාල පවතිනවා. පෞදගලික විශ්වවිද්‍යාලත් පවතිනවා. ඒ වගේම තවදුරටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමයි රජයේ ප‍්‍රතිපත්තිය. එනිසා තවමත් නිදහස් අධ්‍යාපන සටන අවස්න් වී නැ. එනිසා නිදහස් අධ්‍යාපනය දිනාගැනීම සඳහා සටන් කළ සියලූම බලයේග වලට අපි යොජනා කරනවා. නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට තව දුරටත් ඉදිරියට ගෙනයන්න එකුවෙන්න  කියලා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න