ශ්‍රී ලන්කන් එයාර් තවත් ගැහිල්ලක් කොමිසමේදී හෙළිවේ !

ශ්‍රී ලන්කන් එයාර් තවත් ගැහිල්ලක් කොමිසමේදී හෙළිවේ !

ගුවන්යානා තුළ තීරු බදු නිදහස් වැඩසටහනට ඇතුළුවීමට ලංසු ඉදිරිපත් කරන තෙක් ශ්‍රී  ලංකන් එයාර්ලයින්ස් සමාගම ෆීනික්ස් රයිසින් වෙන්චර්ස් පිළිබඳ කිසිඳු දැනුමක් නොතිබිණ බව ඊයේ (21) අනාවරණය වී ඇත.

ඒ  ශ්‍රීලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසුමේදී ය.

මේ බව අනාවරණයවී ඇත්තේ  එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මාලන් පෙරේරා  කොමිසමේදී ලබාදුන් සාක්ෂි හරහා වන අතර ගුවන්යානා තුළ තීරු බදු නිදහස් වැඩසටහන සම්පූර්ණයෙන්ම ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා සමාගමට ලබාදී ඇත්තේ නිසි ටෙන්ඩර් ක්‍රමයකින් නොවන බවද එහිදී තවදුරටත් අනාවරණය වී තිබේ.

මෙම කොන්ත්‍රාත්තුව සඳහා ෆීනික්ස් සමාගම වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි අධ්‍යක්ෂ වන රාජ චන්දිරම් සහ ප්‍රධාන විධායක නිලධාරී රුමේෂ් ඩිලාන් වීරසිංහ යන අය විසින් වන අතර රුමේෂ් ඩිලාන් වීරසිංහ යන නම , පිටරට බැංකුවල මුදල් තැන්පත් කරන පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවේ ඇති බව මීට පෙර ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න