ආසන මට්ටමින් පොහොට්ටුවෙන් රැස්වීම් මාලාවක් !  

ආසන මට්ටමින් පොහොට්ටුවෙන් රැස්වීම් මාලාවක් !  

ආසන මට්ටමින් රටපුරා  සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. 

ඒ අනුව දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත් තුළ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පැවැත්වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුම බව එම පක්ෂය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙහි මෙහෙයුම් සැලසුම පිළිබඳ  පූර්ව සාකච්ඡාවක්  ඊයේ (21)  එම පක්ෂ  කාර්යාලයේදී පැවැත්වුනු අතර ඒ  බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්ය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ  ආණ්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙසින් කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ මහජන අරගලය ලෙස මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආසන මට්ටමින් ක‍්‍රියාත්මක කරන බවයි. මහජන අරගලයක් තුළින් පසුගිය පළාත් පාලන මැතිවරණය දිනාගත් පරිද්දෙන් ආණ්ඩුවට බලපෑම් කර පළාත් සභා මැතිවරණයද දිනාගත යුතු බවද ඔහු  මෙහිදී අවධාරණය කර ඇත.

එසේම  ආසන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව, ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක්ද රට පුරා මෙහෙයවීමට සූදානම් බවත් මෙම ප‍්‍රයත්නයට අමතරව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට අවධාරණය කිරීම පිණිස පළාත් පාලන ආයතන තුළත්, පළාත් සභා තුළත් යෝජනා සම්මත කිරීමේ සූදානමක් ඇති බවද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න