"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා " ණය යෝජනා ක්‍රම එළිදැක්වීම අද (22) !

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා " ණය යෝජනා ක්‍රම එළිදැක්වීම අද (22) !

රට තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් දියත් වන  එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීම ම  අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වීමට නියමිතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල  2017 සහ 2018 අයවැය යෝජනා  මල්ඵල ගන්වමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන -හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.

 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් ලබාදෙන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව, බැංකු විසින් අදාළ පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇත. 

මෙම ණය යෝජනා ක්‍රම සඳහා  2018 වසර තුළ පොලී  සහනාධාර ගෙවීමට රජය විසින් රු. මිලියන 5,250 ක් වෙන්කර ඇති අතර එම සමස්ථ මුදල උපයෝගී කරගනිමින් ආර්ථිකය තුළ රු. මිලියන 60,000 කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදුකළ හැක. එමඟින්, නව රැකියා අවස්ථා 50,000 ක්  පමණ ඇති කිරීමට අපේක්ෂා කෙරේ. සමස්ථ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” යෝජනා ක්‍රම 16 කින් සමන්විත වන අතර පොලී සහනාධාර ණය  යෝජනා ක්‍රම 11 ක්, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක් හා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලෙසන වැඩසටහන් 2 ක් ඒ තුළ අන්තර් ගත වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න