චිත්‍රපට බෙදා හැරීමේ නීති විරෝධී ගිවිසුම් අවලංගු කළා - විජේදාස

චිත්‍රපට බෙදා හැරීමේ නීති විරෝධී ගිවිසුම් අවලංගු කළා - විජේදාස

නීතිවිරෝධී ගිවිසුම් සියල්ල අවසන් කර චිත්‍රපට බෙදා හැරීමේ අනන්‍යය බලය චිත්‍රපට සංස්ථාවට ලබාගත් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් ද ජයතිස්ස  යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

පනත අනුව චිත්‍රපට බෙදා හැරීමේ බලය චිත්‍රපට සංස්ථාවට තිබු බවත් අදත් තිබෙන නමුත්  පසු කාලීනව සමාගම් තුනකට ගිවිසුමක් මඟින් ද තවත් සමාගමකට වාචිකවත් චිත්‍රපට බෙදා හරීමට බලය ලබා දී තිබු බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත. එසේම මේ කාලය තුළ චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ශාලා 74ක් වැසී ගිය බවද අමාත්‍යවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න