17වන බදාදා සිට සෑම සතියක ම බදාදා නිවාඩු; රජය තීරණය කරයි

17වන බදාදා සිට සෑම සතියක ම බදාදා නිවාඩු; රජය තීරණය කරයි

එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා මෙම තීරණයට එළඹි බවත්, එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවත්, පාසල්, විශ්වවිද්‍යාල,  අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව යනාදි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බවත්, මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසත් වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව හෙතෙම පැවසී ය.

සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර ඇති බවත්, අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.

ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටලු තත්ත්වයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න