මෙයින් වසර හාරසියයකට පමණ පෙර ස්පාඤ්ඤ ජාතික මිගෙල් දෙ සර්වන්තේස් සාවෙද්රා විසින් රචිත 'දොන් කිහෙතෝ' නවකතාවේ දෙවන කොටස මේ වන විට වෙළඳ පොළට නිකුත් වී තිබේ.
අපට සිටින විශිෂ්ට පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තිත මෙම කෘතියේ පළමු කොටස පසුගිය වසරෙහි ප්‍රකාශයට පත් කෙරිණ.
ගාමිණී වියන්ගොඩ
මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රබන්ධ කෘතිය ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ ලෙස තවමත් සම්භාවනාවට පාත්‍ර වීම ය.
මෙම කෘතිය කියවීමෙන් ඉක්බිති තමන් ගේ නිර්මාණ කෞෂල්‍ය වර්ධනය කරගත් ලේඛකයින් අතර: ගබ්රියෙල් ගාෂියා මාර්කේස්, මාරියෝ වර්ගාස් යෝසා, ෆ්‍රාන්ස් කෆ්කා, ගෝල් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා යනාදි ලේඛකයින් හැඳින්විය හැකි ය.
ගබ්රියෙල් ගාෂියා මාර්කේස්, මාරියෝ වර්ගාස් යෝසා, ෆ්‍රාන්ස් කෆ්කා, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා පිළිවෙලින්
සිනමාවට ද නගා ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලට මෙන් ම තවත් අතුරු භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත.
දොන් කිහෙතෝ නවකතාවේ පළමු කොටස මෙන් ම දෙවන කොටස ද ප්‍රකාශයට පත් කර ඇත්තේ නුගේගොඩ සරසවි ප්‍රකාශන ආයතනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
