මාතර කොල්ලයට පැමිණි මහ කෙරුමා දැලේ !

මාතර කොල්ලයට පැමිණි මහ කෙරුමා දැලේ !

මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ල කෑමට පැමිණ  පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම සැකකරු  චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවද එහි සඳහන් ඇත.

මෙහිදී කොල්ලකරුවන් සහ පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකු  ඇතුළු  පස්දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වන අතර  කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් හා ගිනි අවියක්ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ල කල්ලිය පුද්ගලයින් අට දෙනකුගෙන් පමණ සමන්විත ඔවුන් පැන යද්දී පොලීසිය ලුහු බැද ඇති අතර මාතර දුම්රියපොල පාර, ගාලු පාර ඇතුළු මාර්ග හතරක දී ඔවුන් පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල  කර ඇත.  ඔවුන් සියළු දෙනා සතුව ගිනි අවි තිබු බවද  පොලීසිය සඳහන් කරයි.

35884137 10216992270185387 8884478316673761280 n35884215 10216992269305365 7369851966526062592 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න