ලොව පුරා පවතින වත්මන් යුදමය තත්ත්වය හුදෙක් දේශපාලනික ගැටුමක් නොව, එය පැහැදිලි අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් බව ජන අරගල සන්ධානය අවධාරණය කරයි.
ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළේ ය.
යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මෙරට වත්මන් ආණ්ඩුව විසින් ඉතා සූක්ෂම ලෙස සාමාන්‍ය ජනතාව ගේ කර මත පටවා ඇති බව ඔවුහු එහිදී පෙන්වා දුන්හ.
යුද්ධය සහ ඉන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම සම්බන්ධයෙන් වත්මන් රජය මේ දක්වා කිසිදු විනිවිදභාවයකින් යුත් හෝ පැහැදිලි නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවට ඔවුන් චෝදනා කරයි.
යුදමය තත්ත්වය හේතුවක් කරගනිමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම හරහා ආණ්ඩුව ජනතාව දැඩි පීඩනයකට පත් කර ඇති බවද එහි දී ප්‍රකාශ විය.

