මැද පෙරදිග කලාපයේ නිර්මාණය වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ඉදිරියේ දී මතු විය හැකි ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන එයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළව රජයේ තීරණය
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2026 මගින් දැනුම් දී තිබිය දී මේ වන විට රට තුළ මතුවී ඇති බලශක්ති අර්බුධයට මුහුණදීම සඳහා නිකුත් කර ඇති උපදෙස් නිසියාකාරව තේරුම් නොගෙන රජයේ සම්පත් නාස්තිවන ආකාරයටත්, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්වන ආකාරයටත් පෙර පරිදිම බදාදා දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට කෘ.දෙ./පා/1/2/9/1-තාව හා 2026.03.17 දිනැති ලිපිය මගින් කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව සදහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුවෙහි සභාපති සුනිල් ගමගේ විසින් අත්සන් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගිනි.
මතු ළ වන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


