ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
පාරිභෝගිකයින්ට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට සහනයක් වෙමින් බොහෝ වාහන කාණ්ඩ සඳහා මෙම සීමාවන් සංශෝධනය කර ඇත.
ඒ අනුව, අලුතින් සංශෝධනය වූ ඉන්ධන කෝටාවන් පහත පරිදි වේ:
සංශෝධිත නව ඉන්ධන කෝටාවන්:
*මෝටර් රථය - ලීටර් 15 සිට 25 දක්වා ඉහළට
*ත්‍රීරෝද රථ - ලීටර් 15 සිට ලීටර් 20 දක්වා ඉහළට
*වෑන් රථ - ලීටර් 40 සිට 50 දක්වා ඉහළට
*යතුරුපැදි - ලීටර් 5 සිට ලීටර් 8 දක්වා ඉහළට
*බස් රථ - ලීටර් 60 සිට ලීටර් 100 දක්වා ඉහළට
ඉඩම් වාහන - ලීටර් 25 සිට ලීටර් 40 දක්වා ඉහළට
කෙසේ වෙතත්, ලොරි රථ සඳහා ලබා දී තිබූ ලීටර් 200ක කෝටාව සහ විශේෂ කාර්ය වාහන සඳහා ලබා දී තිබූ ලීටර් 40ක කෝටාවෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

