ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබේ.
මෙම මිල සංශෝධනය යටතේ වාහන හිමියන් බහුලව භාවිතා කරන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ දමා ඇත.
ඒ අනුව, රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 398ක් වේ.
එමෙන්ම, රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 455කි.
ඩීසල් මිල ද සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති අතර, රුපියල් 303ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇත.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382කි. රුපියල් 353ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 443ක් වේ.
මීට අමතරව, සාමාන්‍ය ජනතාව භාවිතා කරන භූමිතෙල් මිල ද රුපියල් 195ක පැවති මිලෙන් රුපියල් 60කින් ඉහළ දමා තිබේ.
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 255කි. මෙම හදිසි මිල ඉහළ දැමීම ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

