වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි සමාජ වෛරය වපුරමින් බොරු, අවලාද සහ අපහාස ජනගත කිරීමේ උත්සාහයන් තවමත් ක්‍රියාත්මකයි...!
පසුගිය දිනක A5 News නමැති facebook පිටුව මගින් පහත සඳහන් පුවතක් පළකර තිබෙනු දක්නට ලැබිණ.
එහි දී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය විසින් නිකුත් කරන ලදැයි උපුටා දක්වමින් ලිපියක් අදාළ ලිපියේ පළකර ඇත.
එවන් ලිපියක් හෝ මාධ්‍ය නිවේදනයක් කිසිදු අයුරකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය විසින් නිකුත් කර නොමැති අතර එහි අන්තර්ගතය ද සම්පූර්ණයෙන් ම සාවද්‍ය කරුණුවලින් සමන්විත ය.
A5 News facebook පිටුව මගින් මෙවන් පහත් පෙළේ සමාජ මාධ්‍ය භාවිතාවක නිරත වුණු පළමු අවස්ථාව මෙය නොවන අතර දිගින් දිගට ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවට අපවාද අවලාද සහ බොරු චෝදනා නගමින් ඔවුන් කෙරෙහි සමාජ වෛරය වැපිරවීමේ උත්සාහයක නිරතවන ආකාරය දක්නට ලැබේ. අදාළ Facebook පිටුව යම් දේශපාලන පක්ෂයකට ඉතා සමීපව ක්‍රියා කරමින් සිටින බවත්, ඇතැම් දේශපාලනඥයින් අරමුදල් පවා ලබාදෙන බවත් පසුගිය දිනවල දී විවිධ පාර්ශව විසින් ප්‍රකාශය කරනු දක්නට ලැබිණ.
A5 News නාලිකාවේ මෙම සමාජ මාධ්‍ය භාවිතාව කිසිසේත් පිළිගත නොහැකි අතර වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳ බොරු අපවාද සහ අවලාද සමාජගත කිරීමේ උත්සාහය හෙළා දකිමු.
Government Medical Officers' Association


