නොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අඟුරු යෙදවීම නිසා නිශ්චිත මෙගාවොට් ප්‍රමාණය නිපදවීමට අපොහොසත් වී ඇති බව විපක්ෂය පෙන්වා දුන්න ද 12වන දා සිට 21වනදා දක්වා නිපදවූයේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවත්, 21වන දා ද විදුලිය නිෂ්පාදනය කර ඇත්තේ මෙගවොට් 181ක් අඩුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (23) මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
බාල ගල් අඟුරු නිසා යන්ත්‍රවලටත් හානි
''මේ නිසා ඉන්ධන බලාගාර හරහා විදුලිය උත්පාදනය කිරීමට සිදුවෙනවා. මේ නිසා විදුලි මිලත් බිලත් වැඩි වෙලා ඒ බර විදුලි පාරිභෝගිකයන් මතට පැටවෙනවා. මේ නිසා පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවක් ද සිදුවෙනවා. ගර්භනි මව්වරුන් ගේ සිට කුඩා දරුවන් දක්වා අවදානමට ලක්වූවන් ගේ සෞඛ්‍යට බලපැම් සිදුවනවා. බවත් එසේම බොයිලේරුවේ අළු තැන්පත්වන මෝටරය ද වරින් වර ක්‍රියා විරහිත වෙනවා. බාල ගල් අඟුරු නිසා ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍රවලට ද හානි සිදුවෙනවා. බවත් ඊට අමතරව බොයිලේරුවේ උපකරණවලට හානි සිදු වුනත් රජයට මේ ගල් අඟුරු බාල නොවන නමුත් මේ ගල් අඟුරු සියල්ල තත්ත්වයෙන් බාලයි. විකල්ප ආණ්ඩුව සහ විපක්ෂය ලෙස මෙහි දූෂිත ක්‍රියාවක් හරහා බලශක්ති ක්ෂේත්‍රයේ අවදානමක් මතුව තිබෙනවා. මේ සඳහා රජයත් ජනාධිපතිවරයාත් කැබිනට්ටුවත් වගකිව යුතු යි.
බාල ගල් අඟුරුවල වගකීම රජය දැරිය යුතුයි
බාල ගල් අඟුරු යෙදවීම නිසා වැඩිපුර ඉන්ධන උත්පාදන විදුලිය යොදා ගැනීම නිසා වැඩිවන පිරිවැය ජනතාව මතට යොමු කරන්නේ මැදපෙරදිග යුද්ධය පෙරටු කර ගෙන. මේ නිසා ලක්ෂ 220 ජනතාවට කියන්න ඇත්තේ මේ විදුලි බිල වැඩි වන්නේ මැදපෙරදිග යුද්ධය නිසා නොව බාල ගල් අගුරු නිසා බවයි. මේ කරුණු පටලවා නොගන්නා ලෙස ජනතාවට දන්වනවා. රජයේ මේ කතාවලට දැන්වත් නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද වන විට බලශක්ති ඇමතිවරයා නොරොච්චෝල බලාගාරයේ නිරීක්ෂණයට යනවා. පසුගිය කාලයේ ම විපක්ෂය මේ ගැන කිව්වත් අද ඇමතිවරයා මේ නිරීක්ෂණ චාරිකාවක යනවා. ඇමතිවරයා ගියා කියල බාල ගල් අඟුරු ගැටලුවට විසඳුම් ලැබෙන්නෙ නෑ. මේ ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැහැදිලි කිරිමක් මෙන්ම සත්‍ය තොරතුරු හෙළිදරව් කිිරීමට අපොහොසත් වී තිබෙනවා. මේ බාල ගල් අඟුරු ගෙන්වීමේ වගකීම රජය දැරිය යුතු යි. මෙහි පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැතිව අදාළ සමාගමෙන් අය කර ගත යුතු යි.
තෙල් මිල ඉහළ දැමීම නිසා ජනතාව අසරණ වෙලා
එක් පැත්තකින් ගල් අගුරු ක්ෂේත්‍රයෙන් රටේ බලශක්ති සුරක්ෂිතභාවය ගැන ගැටලුවක් මතු වන විට දින කිහිපයක් තුළ පිට පිට ම ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ජනතාව තවත් අසරණ වෙලා. මේ මිල වැඩි කිරීමේ සූත්‍රය ගැන ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමක්. මේ බදු ගැන ජනතාව දැනුවත් කළ යුතු යි. තෙල් මිල ඉහළ දැමීම නිසා සෑම ක්ෂේත්‍රයක් ම, ජන සමාජය ම දැවැන්ත ව්‍යවසනයකට පීඩනයකට අසහනයකට ලක් වෙලා. මේ නිසා මේ ගැන මිල සූත්‍රය ගැනත් බදු ගැනත් විනිවිදභාවයෙන් යුක්තව ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමකි. මේ මිලවැඩි කිරීම නිසා ආර්ථිකයම කඩා වැටෙනවා. මේ නිසා දුප්පත්කම වැඩි වෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ කියු ආකාරයට වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම දැන් සිදු කළ යුතු යි. වැට් අධිභාර බද්ද, රේගු ආනයන බදු ආදිය ඉවත් කර, වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දීම රජයේ සහ ජනාධිපතිවරයාගේ වගකීම යි. 92 පෙට්‍රල්වලට රු. 115ක්, 95 පෙට්‍රල්වල 143ක් සහ ඩීසල්වලට රු 91ක් බදු ගහන බැවින් මේවා ඉවත් කර මහා භාණ්ඩාගාරයේ ඉතිරී ගිය මුදල්වලින් අසීමිත ලෙස බදු පනවා එකතු කර ගත් මුදල්වලින් ජනතාවට සහන ලබා දිිය යුතු යි. දැන් ජනතාව අමාරු අවස්ථාවක සිටින නිසා ජනතාව වෙනුවෙන් මේ බදු බර අඩු කර ජනතාවට සහන ලබා දිය යුතු යි.
රජය තෙල් මිල සූත්‍රය උල්ලංඝනය කරලා
රජය තෙල් මිල වැඩි කිරීමේ දී තෙල් මිල සූත්‍රය උල්ලංඝනය කරලා. තෙල් මත ඇති බදු ගැනවත් ජනතාව දැනුවත් නැහැ. මේ ගැන ජනතාව දැනුවත් කර ජනතාව මත ඇති බදු බර ඉවත් කළ යුතු යි. ජනතාවට සහන දිය යුතු යි. ජනතාවට සහන පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.''

