ව්‍යවසායක පාරාදීසයකට නියත මඟ : 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එළියට

ව්‍යවසායක පාරාදීසයකට නියත මඟ : 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ණය ක්‍රමය එළියට

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේනම් එය වැළැක්වීමටත් අදාළ සියලූ ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ සංකල්පයක් මත  රට තුළ නව  ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම අරමුණු කරගනිමින්    ඊයේ  (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව් පැවති 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලෝකයේ දියුණු වූ සෑම රාජ්‍යයක්ම ස්ව ශක්තියෙන් නැගී සිටියේ දේශීය කර්මාන්ත නගාසිටුවීමෙන් බවයි.

පිටරටින් නවීන දැනුම, තාක්ෂණය සහ උපදේශනය අවශ්‍ය නමුත් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිලිබඳ විශ්වාස තැබිය යුතු බව පැවසු ජනාධිපතිවරයා, ව්‍යවසායකයින්ට රජය මගින් ලබාදිය හැකි ඉහළම අතදීම වන්නේ ඔවුන්ට අවශ්‍ය මුල්‍ය සහ මුල්‍ය නොවන පහසුකම් සලසා දීම බව ද කියා සිටියේය.

රාජ්‍ය බැංකුවල කාර්ය භාරය ?

එමෙන්ම රාජ්‍ය බැංකු ලාභ ලබන මෙන්ම සේවා සැපයීමේ අරමුණ ඇතිව ක්‍රීයාත්මක වීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා රාජ්‍ය බැංකු ලබන අසිමිත ලාභයෙන් සියයට පනහක් වාණිජ ගනුදෙනු මෙන්ම සියයට පනහක් සේවා සපයන බැංකු බවට පත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ව්‍යවසායකයින් වෙනුවෙන් කෙරෙන මෙම ආයෝජන පිළිබඳව නිරන්තර පසුවිපරමකට ලක් කරමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගීම සඳහා 2018 අයවැය තුළින් රජය 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය.

රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගිත්ව ආයතන සමග ඒකාබද්ධව ක්‍රීයාත්මක මෙම වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක් 

 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන, යෝජනා ක්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක්, විදේශ ණ්‍ය ආධාර මත ක්‍රීයාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක් හා මූල්‍ය හා මුල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.

මෙකී සහන ණය යෝජනා ක්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන්කර ඇති අතර එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථීකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000 ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂා කරයි.

සංකේතාත්මකව ණය පහසුකම් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරු රැසක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

v2025 950px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න