හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමි ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ උන්වහන්සේ අමනාපයෙන් සිටින නිසා බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට උන්වහන්සේ ජනාධිපතිවරයා සමඟ අමනාපවී ඇත්තේ අස්ගිරි පාර්ශවයේ ඉහළ ධුරයක් වෙනුවෙන් මීට පෙර පැවති සංඝ සභාවේ ජන්ද විමසුමක් ජයග්‍රහණය කිරීම සඳහා උන්වහන්සේ ජනාධිපතිවරයාගේ සහය ඉල්ලා ඇතත් එය නොලැබී ඇති නිසාය.
පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරයයේ නායක හිමිනම මෙන්ම අස්ගිරි පාර්ශවයේ අනු නායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති, වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ මෙම ඉල්ලීම ජනාධිපතිවරයා එකවර ප්‍රතික්ෂේප කර නැතත් ශාසනයේ කටයුතු සඳහා පෞද්ගලික හිතවත්කම් හෝ දේශපාලන බලය මත මැදිහත්වීම ශාසනයට කරන නිගාවක් බවට ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇති බැවින් ජනාධිපතිවරයා ඒ ගැන කටයුතු කර නොමැත.
ඒ හේතුවෙන් එතැන් පටන් උන්වහන්සේ ජනාධිපතිවරයා සමඟ හිත අමනාපෙන් සිට ඇති අතර ජනාධිපතිවරයාට රිදවීමට සිතා වැඩි වැඩියෙන් රාජපක්ෂවරුන් වෙත සමීපව කටයුතු කිරීමටත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දක්වන්නටත් ගෙන ඇත.

