ඥානසාර හිමියන්ට ඇප

ඥානසාර හිමියන්ට ඇප
මාස 6ක සිර දඬුවම් නියම වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (22) ඇප නියම කළේය. 
සන්ධ්‍යා ඒක්නැළිගොඩ මහත්මියට බැණ වැදී තර්ජනය කිරීමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියම විය.
උන්වහන්සේ ගොනුකළ ඇපෑලක් සළකා බැලූ  හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස ඇප නියම කළේය. හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේ, ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. උන්වහන්සේට විදේශ ගමන් තහනම් කෙරුණු අතර, ඒ පිළිබඳ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා දැනුම්වත් කිරිමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේය.
උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත් අංකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. උන්වහන්සේට ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. උන්වහන්සේ ඉදිරිපත් කර ඇති අභියාචනය මහාධිකරණය හමුවේ කැදවීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න