වෛද්‍ය නිලධාරීන් ගේ ඌණ පහසුකම් (Difficult Station) සේවා ස්ථාන - 2026 වර්ෂය සඳහා සංශෝධන

වෛද්‍ය නිලධාරීන් ගේ ඌණ පහසුකම් (Difficult Station) සේවා ස්ථාන - 2026 වර්ෂය සඳහා සංශෝධන

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක වූ වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහනය, වර්තමාන සංවර්ධන තත්ත්ව සැලකිල්ලට ගනිමින් වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ සංශෝධනය කිරීමට 2020 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

2026 වසර සඳහා තෝරාගත් නිර්ණායක මත සකස් කරන ලද "ඌණ පහසුකම් සේවා ස්ථාන" රෝහල් සහ සෞඛ්‍ය ආයතන ලැයිස්තුව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගැනීමට නියමිත ය.

ඌණ පහසුකම් සහිත රෝහලක සේවය කරන වෛද්‍යවරුන්ට වසර 02ක සක්‍රීය සේවයකින් පසු විශේෂ ස්ථාන මාරු ක්‍රමවේදයකට සුදුසුකම් ලබයි (ඌණ පහසුකම් ස්ථානමාරු ක්‍රමවේදය) රෝහල්වල යටිතල පහසුකම් ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් රෝහල් සංඛ්‍යාව 2020 වර්ෂයේ පැවති 407 සිට 2024 වන විට 393 දක්වා ද, 2026 වර්ෂය සඳහා 265 දක්වා ද අඩු වී තිබේ.

යම් රෝහලක් ඌණ පහසුකම් සේවා ස්ථානයක් ලෙස නම් කරනු ලබන්නේ ප්‍රවේශ මාර්ගවල දුෂ්කරතාව, ප්‍රධාන නගරයට හෝ පාසලකට ඇති දුර කිලෝමීටර් 15 ඉක්මවා තිබීම, පොදු ප්‍රවාහන පහසුකම් අවම වීම සහ පානීය ජලය, විදුලිය හෝ නේවාසික පහසුකම්වල පවතින ඌණතා යනාදි පූර්ව නිශ්චිත නිර්ණායක මත පදනම්ව ය. මීට අමතරව වන සතුන් ගේ තර්ජන හෝ ස්වභාවික උපද්‍රව පැවතීම මෙහි දී සලකා බලනු ලැබේ.

මෙම ඌණ පහසුකම් සේවා ස්ථාන ලැයිස්තුව වාර්ෂිකව සංශෝධනය වන අතර, එය වලංගු වන්නේ එම වසරේ පත්වීම් ලබාදෙන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය කණ්ඩායම සඳහා පමණි. කුසලතා පදනම මත ක්‍රියාත්මක වන මෙම ප්‍රාථමික සේවයේ බඳවාගැනීම් හරහා වඩාත් අවශ්‍යතා සහිත ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව වෛද්‍ය සේවය සපයා දීම අමාත්‍යාංශයේ මූලික අරමුණයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න