ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන්ට එරෙහිව එල්ල වන ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් එහි මානව සම්පත් කළමනාකරණ අංශය කිසිදු පියවරක් ගෙන නැතැයි ෆීනික්‌ස් ඩියුටි ප්‍රී ආයතනයේ අලෙවි අධ්‍යක්‌ෂ මාලත් පෙරේරා පවසා ඇත.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා මිහින් ලංකා ආයතනයේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධව පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ සාක්‌ෂි ලබා දෙමිනි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන්ට විරුද්ධව ඉන්දියාවේ නවදිල්ලි අධිකරණයේ නඩු 15 ක් පමණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
නවදිල්ලියේ ශ්‍රී ලංකන් කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකු එහි සිටි ඉන්දීය සේවිකාවකට සිදුකළ ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි කළ පසු එම තරුණිය සේවයෙන් ඉවත් කර එම නිලධාරියාට වෙනත් රටක තනතුරක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා කාන්තාවන් ඇතැම් ගුවන් නියමුවන් විසින් ලිංගික පීඩාවන්ට ලක් කරන බවද මාලන් පෙරේරා මහතා පැවසීය.
එංගලන්තය ආදී රටවලට සිදුකරන දුරගමන් වාරවලදී ව්‍යාපාරික පංතියේ ගමන්ගන්නා කාන්තාවන්ට අවස්‌ථා කිහිපයකදීම රාජකාරියේ නිරතව සිටින ඇතැම් ගුවන් නියමුවන්ගෙන් ලිංගික පීඩාවන් සිදුවී තිබෙන බවට තමන් දැනුවත් බවත් පෙරේරා මහතා පැවසීය.

