අගමැති රනිල්ට හිට්ලර් කෙනෙක් වෙන්න කිව්වා නම් ?

අගමැති රනිල්ට හිට්ලර් කෙනෙක් වෙන්න කිව්වා නම් ?

මිනිසුන් මරණ හිට්ලර් කෙනෙකු වෙන්නැයි තමන් සිටින තැනකදී කිව්වා නම් ඒ මොහොතේම ඊට විරුද්ධ වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (23)  මාතර මහාමන්තින්ද පිරිවෙනේ 125වන සංවත්සර උත්සවයේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වෙමින්ය.

එසේම මිනිසුන් මරණ හිට්ලර් කෙනෙක් වෙන්නැයි බුදුන් වහන්සේ කිසි දිනක දේශනා නොකළ බවත්   හිට්ලර් සහ බුදු දහම එකට එකතු කරන්නේ කෙසේ දැයි තමාට නොතෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ සියලු මතයන්ට ගරු කිරීමේ අගය ගැන බවද අග්‍රමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න