Language Switcher

V2025

මාස 4ක් තුළ මුළු රටටම ඊ හෙල්ත් කාඩ්පත් !

මාස හතරක් තුළ  රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් ඊ හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පවසයි.

බොරැල්ල, කාසල්විදිය කාන්තා රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. 

රෝහල්වල පවතින ඖෂධ හිගය හේතුවෙන් ඊ හෙල්ත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් ඊ හෙල්ත් ව්‍යාපෘතිය ඖෂධ හිගය පවතින රෝහල්වල ඖෂධ ගෙන්වා ගැනීම සඳහා හදුන්වාදුන් මෘදුකාංගය භාවිත කිරීම සඳහාද  විශාල පහසුවක් වනු ඇති බවද  අමාත්‍යවරයා සඳහන් කර ඇත.