ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞඛාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධා පිළිබඳව දින කිහිපයකට පෙර තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉන්දියාවේ කඩිනම් සහයෝගයට තමන් වෙත හිමිවූ බවත්ය.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (28) මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක නෞකාවක් පැමිණි බවත් මේ සම්බන්ධව තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ට සිය ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන් ව තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති දුරකථන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් නෞකාවන් මෙරටට ළඟා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා සඳහන් කළේය.
ඒ අනුව මීට අදාළ ඉන්දන නෞකාව ඊයේ දිනයේදී මෙරටට පැමිණ තිබේ.

Adaderana
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
