නවක ලේඛකයන් දිරිගැන්වීමේ අරමුණින් යුතුව 2019/ 2020/ 2021/ 2022 ජාතික අත්පිටපත් තරගාවලියේ කතෘ භාග පිරිනැමීමේ වැඩසටහන 2026.03.26 වෙනි දින සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදි පැවැත්විණ.
මෙහිදී නවකතා, කෙටි කතා, ළමා සාහිත්‍ය, ආගමික, ජනශ්‍රැතිය, සංගීතය, නර්තනය, නාට්‍ය කලාව, සිනමා විෂයට අදාළ කෘති, ඡායාරූප, චිත්‍ර කලාව, ජනමාධ්‍ය/ ජනසන්නවේදනය, ශාස්ත්‍රීය පර්යේෂණ, විචාර කෘති, සංස්කෘතික හා කලාවට අදාළ කෘති, විවිධ විෂයයික කෘති, පද්‍ය සාහිත්‍ය ඉතිහාසය පරිවර්තන කෘති යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පහත නම් සඳහන් නවක ලේකඛයන් ඇයගයීමට ලක් කෙරිණ.
මේ අවස්ථාව සඳහා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ඒ.ඩී.එන්. පෙරේරා මහත්මිය, කලා මණ්ඩලයේ ලේකම් කේ.ඒ.අයි. සම්පත් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
සිංහල මාධ්‍ය
1. ධනුෂ්ක ලක්මාල් - කේ.ජයතිලකගේ හා මහ ගමසේකරගේ ළමා සාහිත්‍ය මෙහෙවර - 2022
2. ධනවර්ධන විතාරම - දේශීය ශාන්ති කර්මයන්හි පිළීඹිබු වන මනෝචිකිත්සක ලක්ෂණ පිළිබඳ විමර්ශනයක් (පර්යෙෂණ) - 2022
3. එස්.ඩබ්.සුපුන් ගයාන් විජේරත්න - කාලිංග පෙළපතෙහි ආගමනය - 2022
4. නිමල් රත්නායක - භාරතීය දර්ශනයන්ගේ විකාශය හා ශ්‍රී ලාංකේය බුදුසමය - 2022
5. ටී.ජී.කාන්ති වේරගම - ගමනක අවසන් පෙළපාලිය -2022

