Image

සෝමීතරන් ගේ “නීලිරා” සතියක් ශ්‍රී ලංකාවේ

සෝමීතරන් ගේ “නීලිරා” සතියක් ශ්‍රී ලංකාවේ

ලංකාවේ වාර්ගික අර්බුදය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලාංකීය පුවත්පත් කලාවේදියකු සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු වන සෝමීතරන් ගේ “නීලිරා”

 

සිනමාපටය ජාත්‍යන්තරව ප්‍රදර්ශනය කිරීමට සමගාමීව අප්‍රේල් 3 වන දින සිට සතියක් ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනයට නියමිත ය. දෙමටගොඩ, යාපනය, නුවරඑළිය රීගල් සිනමා ශාලා ඇතුළු සිනමාහල් හයක එය මෙරට තිරගත කෙරේ.

මෙම සිනමාපටයට පසුබිම් වන්නේ 1988 වර්ෂයේ ශ්‍රී ලංකාවේ උතුරු භූමිය යි. එනම් ලංකාවේ උතුරු නැගෙනහිරට ඉන්දීය ‘සාම සාධක’ හමුදා කැඳවූ වකවානුව යි. ආතති පිරි අනාරක්ෂිත රාත්‍රියකට පසුව එළඹෙන උදෑසනක විවාහයක් සඳහා සූදානම් වන පවුලක කතාවක් පමණක් නොවන මෙම සිනමාපටය, රාජ්‍ය ත්‍රස්තවාදයේ භීෂණයෙන් පෙළුෑ උතුරු ජන සමාජයේ හෘදස්පන්ධනයේ දෘශ්‍යමය නිරූපණයකි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරයෙකු වන කාර්තික් සුබරාජ් සහ රංගන ශිල්පියෙකු සහ නිෂ්පාදකයකු වන රානා ඩගුපති විසිනි.

සෝමීතරන් ගේ ප්‍රථම වාර්තා චිත්‍රපටය වන “එරියුම් නිනයිවුගල්” (“Burning Memories”) යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම පිළිබඳව වන අතර එතැන් පටන්, ඔහු ලංකාවේ ජාතික ගැටලුවේ විවිධ පැතිකඩ විමර්ශනය කරන වාර්තා චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළේ ය.

Thakshila Swarnamali

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න