කුඩා දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 273ක් මරණයට පත් කරමින් තවත් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් සිදු කළ පාස්කු ඉරුදින ප්‍රහාරය මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකි;
ඊට අදාළ විමර්ශණ ද වඩා තීව්‍රව සිදු වෙමින් පවතින අවස්ථාවකි. එවකට බුද්ධි අංශ ප්‍රධානියාව සිටි සුරේෂ් සලෙයි අත් අඩංගුවේ සිටින්නේ ද පාස්කු ප්‍රහාරයට අදාළව ය. මේ සියල්ල සිදු වන්නේ පැවති ආණ්ඩු විසින් ඊට අදාළ විමර්ශන නිසි පරිදි සිදු නොකර, කරුණු වසන් කරමින් අධිකරණය පවා නොමග යැවූ බවට චෝදනා එල්ල වෙමින් තිබෙන තත්ත්වයක් තුළ ය.
කරුණු එසේ තිබිය දී චේතනාන්විතව ම ජනතාව නොමග යැවීම සඳහා ප්‍රසිද්ධියේ ම අධිකරණය විසින් තහවුරු කර නොමැති සහ අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩුවක තීන්දුව යයි හැඟී යන පරිදි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව වහාම උදය ගම්මන්පිල අත් අඩංගුවට ගත යුතු ය.
ඒ කුමන පදනමක් යටතේද යන්න නොදැන විවිධ මත පළ කරන්නන්ගේ පහන් සංවේගය පිණිස අදාළ නීති ප්‍රතිපාදන පහතින් සටහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් (sub judice matter) සම්බන්ධයෙන් අධිකරණයට බලපෑම් විය හැකි ලෙස අධිකරණයෙන් පිටත අදහස් ප්‍රකාශ කිරීම “අධිකරණයට අපහාස කිරීම” (Contempt of Court) යටතට වැටේ.
අදාළ නීතිය
ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් බලපැවැත්වෙන්නේ:
Contempt of Court (අධිකරණයට අපහාස කිරීමේ සංකල්පය)
Judicature Act No. 2 of 1978 (අධිකරණ බලතල)
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අවිනිශ්චිත (inherent) බලතල
Sub Judice Rule (විභාග වෙමින් පවතින නඩු පිළිබඳ නීතිය)
Sub judice යනු, නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින අවස්ථාව ය; එවැනි අවස්ථාවක:
*නඩුවේ තීන්දුවට බලපාන ලෙස
*සාක්ෂි, පාර්ශවයන්, විනිසුරුවන් පිළිබඳ
*ජනමතය මගින් බලපෑම් කිරීමට හෝ bias ඇති කිරීමට උත්සාහ කිරීම
*අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකේ.
Contempt of Court වර්ග
*Civil Contempt – අධිකරණ නියෝග නොපිළිපැදීම
*Criminal Contempt – අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම
Sub judice ප්‍රකාශ Criminal Contempt යටතට වැටේ.
උදාහරණ:
*නඩුවක් විභාග වෙමින් පවතින අතර “මෙම පුද්ගලයා නිවැරදියි/වැරදියි‘‘
*ලෙස මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කිරීම
*සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් අදහස් පළ කිරීම
*විනිසුරුවන්ට පීඩනයක් ඇතිවන ලෙස ජනමතය ගොඩනැගීම
*දඩුවම්
*දඩ මුදල්
*සිරදඬුවම්
*හෝ දෙකම
ජානකී විජේරත්න විසිනි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
