පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් ජලය සපයන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඉතිරිව පවතින්නේ තවත් දින 20ක කාලයකට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අද (02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කළේ, අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවගේ ජල පරිභෝජනය ද වෙනදාට වඩා බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී පානීය ජලය නිෂ්පාදනය කිරීම යම් මට්ටමකට සීමා කිරීමට සිදුවනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, කොළඹට ජලය සපයන අනෙක් ප්‍රධාන පවිත්‍රාගාරය වන ලබුගම ජල පවිත්‍රාගාරයේ ද ජල මට්ටම පහළ ගොස් ඇති අතර, එහි ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින 50කට පමණක් බව ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙයි.
පවතින අවදානම් තත්ත්වය සලකා බලා, පානීය ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජල නළ භාවිතය අවම කරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
