Image

''විමුක්ති ගී'' කෘතිය අප්‍රේල් 05වන දා...

''විමුක්ති ගී'' කෘතිය අප්‍රේල් 05වන දා...

ලයනල් බෝපගේ විසින් රචිත ''විමුක්ති ගී'' කෘතිය අප්‍රේල් 05වන දා නිකුත් වීමට නියමිත ය.

''විමුක්ති ගී'' යන මැයෙන් ගී ප්‍රසංගයක් ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී කලා සංගමයේ මෙහෙයවීම යටතේ ය.  එම ගී ප්‍රසංගයේ පළමු දර්ශනය පැවැත්වූයේ 1978 ජූලි 26 වන දා ය.

1978 විමුක්ති ගී ප්‍රසංගය ආරම්භයේ සිට 1983 මුල් භාගයේ දී එය වාරණයට ලක් කරන තෙක් ගත වූ කාලය තුළ පැවැත්වූ ප්‍රසිද්ධ ප්‍රසංග දර්ශන වාර සංඛ්‍යාව දෙසීය ට වඩා වැඩි ය. එතෙක් මෙතෙක් නොයෙක් දෙනා ‘විමුක්ති ගී’ ප්‍රසංගය පිළිබඳ විවිධ අදහස් පළ කර තිබුණ ද, ඒවා තුළින් නිවැරදි අදහස් මෙන් ම ව්‍යාජ සහ වැරදි සහගත අදහස්වල සංකලනයක් ද පිළිබිඹු වූ බව කතුවරයා පවසයි.

‘විමුක්ති ගී’ සඳහා සාමූහික ව සම්මාදම් වූ සියලු දෙනාගේ ධෛර්යවන්ත සහ කැපවීම් සහගත උත්සාහය ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලැබිය යුතු සාධාරණත්වය සනිටුහන් කිරීම මෙම කෘතියේ මුඛ්‍ය අරමුණ වන අතර, ලයනල් බෝපගේ විසින් රචිත මෙම කෘතිය තුළින් එහි ඉතිහාසය වඩා නිවැරදිව සටහන් කිරීමට ප්‍රයත්න දරා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න