Image

නුවරඑළිය වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයට ප්‍රථම වතාවට මාධ්‍යයට ආරාධනා නොකරයි

නුවරඑළිය වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයට ප්‍රථම වතාවට මාධ්‍යයට ආරාධනා නොකරයි

දිගින් දිගට ම නුවරඑළිය මහ නගර සභාවේ වැරදි මාධ්‍ය අරහා පෙන්වා දෙන බැවින් මෙවර වසන්ත උත්සවය සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන්ට ආරාධනා නොකිරීම පිළිබඳව නුවරඑළිය ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි.

දැනට වසර 25 කට ආසන්න කාලයක් අප්‍රේල් වසන්ත සමය වෙනුවෙන් නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය සජීවී විකාශයේ සඳහා රාජ්‍යනාලිකාවට ඇරයුම් කරන අතර මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සෑම මාධ්‍ය ආයතනයක් ම නියෝජනය කරන මාධ්‍යවේදීන්ට ආරාධනා කරයි.

තව ද වසන්ත සැණකෙළිය සැලසුම් කිරීමේ සාකච්ඡා සඳහා ද මාධ්‍යවේදීන්ට මෙම වසරේ ආරාධනා නොකිරීම කනගාටුවට කරුණකි.

එසේ නමුත් මෙම වර්ෂයේ දී මාධ්‍යවේදීන් කිසිවකුට වසන්ත සැණකෙළි සමාරම්භක උත්සවයට ආරාධනා කර නොමැති අතර එයට හේතුව වශයෙන් නාගරික මන්ත්‍රීවරු කිහිප දෙනකු ගෙන් විමසූ විට ඔවුන් කියා ඇත්තේ දිගින් දිගට ම මහ නගර සභාවේ වැරදි පෙන්වාදීමට ඇතැම්  මාධ්‍යවේදීන් කටයුතු කරන බැවින් මෙවර පොදුවේ මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කළ බවයි ,

නුවරඑළිය සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය මෙන්ම සෑම අවස්ථාවක් ම මාධ්‍ය ආවරණ කටයුතු කිරීමට මාධ්‍යවේදීන් මෙතෙක් කටයුතු කර ඇති අතර මහ නගර සභාවේ වැරදි පෙන්වාදීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට ආරාධනා නොකිරීම පිළිබඳ මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය පළ කරයි.

නාලක රත්නායක - නුවරඑළිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න