Image

කෝටිපති ව්‍යාපාරිකයින් 23කට හෝමාගම නගරයේ  ප්‍රජා සේවය කිරීමට අධිකරණ නියෝගයක්

කෝටිපති ව්‍යාපාරිකයින් 23කට හෝමාගම නගරයේ  ප්‍රජා සේවය කිරීමට අධිකරණ නියෝගයක්

හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂයක මාසික කුලියට ලබාගත් ඉඩමක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කැට සූදු පොළක් වැටලීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

එහි දී අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයින් 23 දෙනකුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් සුවිශේෂී දඬුවමක් නියම කර ඇත.

අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ට දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් සියලු දෙනාට පැය 50 බැගින් හෝමාගම නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ ප්‍රජා සේවයේ යෙදෙන ලෙස පසුගිය 31වන දා නියෝග කර ඇත. අත්අඩංගුවට පත් වූවන් අතර ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, වාහන හා ඉඩම් සේල් හිමියන් සහ පොලියට මුදල් ලබාදෙන්නන් යනාදි වයස අවුරුදු 25ත් 55ත් අතර පසුවන කෝටිපති ව්‍යාපාරිකයින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ වෙත ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, සූදු කෙළීමට යොදාගත් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සහ උපකරණ පොලිස් භාරයට ගෙන ඇත. ආරක්ෂිත මඩුවක් තනා, ප්‍රවේශ මාර්ගවල ඔත්තුකරුවන් පවා රඳවා ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම ජාවාරම මැඩපැවැත්වීම සඳහා කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිටියහ.

මූලාශ්‍ර - TTV News.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න