Image

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී අතර හමුවක්

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට එක්වීය.

ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආදායම් කළමනාකරණය සහ විදේශීය සංචිත ගොඩනගා ගනිමින්, කම්පනවලට ඔරොත්තු දිය හැකි මට්ටමේ ආර්ථිකයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී තිබීම මෙහි දී ඇගයීමට ලක් වූ අතර, එම ආර්ථික ස්ථායිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණ.

බාහිර අභියෝගයක් වූ මැදපෙරදිග යුදමය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදු වන බලපෑම නොවැළැක්විය හැකි වුවත්, එය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින්, ඉන්ධන මිලට සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ ඉලක්කගත කණ්ඩායම් වෙත අවශ්‍ය සහන සැලසීම පිළිබඳව රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇති බව මෙහි දී ජනාධිපතිවරයා Evan Papageorgiou හට පෙන්වා දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න