පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමග සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
ඉදිරි පුරෝකථනවලට අනුව මේ වසරේ ලැබිය හැකි වර්ෂාපතනය පිළිබඳවත්, එමෙන්ම දැනට ජලාශවල පවතින ජල ප්‍රමාණය පිළිබඳවත් සංඛ්‍යා දත්ත සමග මෙහි දී විමසා බැලුණු අතර, විශේෂයෙන් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල අවශ්‍යතා සැපිරීම සහ යල කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය මුදා හැරීම යන කරුණු මත පදනම්ව අවශ්‍ය ජල කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කෙරිණ.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
