බැඳුම්කර රහස් හෙළිදරව්වට නීතිය හරස්වෙයි

බැඳුම්කර රහස් හෙළිදරව්වට නීතිය හරස්වෙයි

මහ බැංකු බැඳුම්කර මගඩියට අදාළව සිදුකළ විමර්ශනයේදී සොයාගත් සංවේදී තොරතුරු ඇතුළත් රහස්‍ය ලිපිලේඛන මැතිසබයට ලබාදිය නොහැකි බව නීතිපතිවරයා ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.

ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මැතිසබයට ඉදිරිපත් නොකළ යුතු ලිපිලේඛන වර්ග තුනක් නීතිපතිවරයා විසින් නම්කර ඇත. දැනට බැඳුම්කරයට අදාළව පවත්වාගෙන යනු ලබන නඩුවල විමර්ශන ක්‍රියාදාමයට හානියක් විය හැකි යැයි නිගමනය කෙරෙන ලිපිලේඛන, මහ බැංකුව මගින් ඉදිරිපත් කර තිබෙන අතිශය රහස්‍ය ගනුදෙනුවලට සම්බන්ධ ලිපිලේඛන හා බැඳුම්කර විමර්ශනයේදී විවිධ පුද්ගලයන් විසින් එකී කොමිසමට ලබාදුන් ලිපිලේඛන මැතිසබයට ලබාදිය නොහැකි බව නීතිපතිවරයාගේ නිගමනය වී ඇත.

ඉහත කී වර්ග තුනට අයත් නොවන සියලු ලිපිලේඛන මැතිසබයට ඉදිරිපත් කළ හැකි යැයි නීතිපතිවරයා ජනාධිපති ලේකම්ට ලිඛිතව උපදෙස් දී තිබෙන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

(දේශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න