පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්න : මැකෝ සියළු පක්ෂ කැඳවයි

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්න : මැකෝ සියළු පක්ෂ කැඳවයි

ඉදිරි පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව අවාධාරණය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් 26 වනදා  කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත.

මෙම මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් දැනට යම් යම් කරුණු සාකච්චඡා වෙමින් පවතින අතර අදාළ මැතිවරණ පනත සංශෝධනය කළ යුතුද යන්න සහ එම මැතිවරණය කවර කාලයකදී පවත්වන්නේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ අවධානයටයොමු කිරිීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා සඳහන් කර ඇත.

මෙම කැඳවීම් සාකච්ඡා වට දෙකක් ලෙස පැවැත්වීමට බලාපොරොත්තු වන බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ අනුව 26 වැනිදා උදෑසන වරුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ සවස් වරුවේ සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවන බවද සඳහන් කර තිබේ.

මේ අතර  ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව මැතිවරණ ක්‍රමය යටතේදැයි තීරණය කිරීමේ අරමුණින් ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් ද පැවැත්වීමට නියමිත ව තිබේ.

මෙම විවාදය පැවැත්වීමට පදනම සැකසී ඇත්තේ ඉකුත් දා (21) පැවති පක්ෂ නායක රැස්වීමේදී, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්විය යුතු බව යහපාලන ආණ්ඩුවේ  පාර්ශවකරුවකු  වන මුස්ලිම් කොංග්‍රසය කළ දැනුම්දීමක් මත සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්විය යුතු බවට කථානායක කරූ ජයසූරිය  කළ යෝජනාවකට අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න