ඇලොසියස්ගේ "හෙලෝ" මාට්ටු 

ඇලොසියස්ගේ "හෙලෝ" මාට්ටු 

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනා රඳවා සිටින බන්ධනාගාරයේ “එච්” වාට්ටුවේ සිරකරුවන් ජංගම දුරකතන භාවිතා කරමින් සියලුම පහසුකම් භුක්ති විඳින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉකුත්දා “ඊ හා එච්” සිර වාට්ටුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සොයා අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසේ.

මෙම සැකකරුවන් දෙදෙනා මුලින්ම එම බන්ධනාගාරයේ “ඊ” වාට්ටුවේ රඳවා සිට මෑතකදී “එච්” වාට්ටුවට මාරුකර යවා ඇතැයිද වාර්තා වෙයි. මොවුන් දෙදෙනා සමඟ එල්ටීටීඊ සැකකරුවන් සහ පාතාල සාමාජිකයින් 60ක් පමණ “ඊ” හා “එච්” දරණ සිර වාට්ටු දෙකේ රඳවා ඇතැයිද සඳහන් වේ.

ඔවුන් අතරින් බැඳුම්කර සැකකරුවන්ට බන්ධනාගාර ගතවූදා සිටම විශේෂ සැලකිළි ලැබෙන බවද කියති.

ජංගම දුරකතන භාවිතා කරමින් මෙම සිරකුටියේ සිරකරුවන් ඉහළ දේශපාලනඥයන් සමඟ විවිධ සබඳතා පවත්වන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි දේශයට වාර්තා වේ. මෙසේ දුරකතන පරිහරණය කරන්නන් අතර අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිසේනද වන බව බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.
 

ජයන්ත සමරකෝන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න