ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් දියත්වන සංවිධානාත්මක නීතිවිරෝධී ලිංගික සේවා ජාවාරම්කරුවන් කොටුකරගැනීමේ ‘ඔපරේෂන් රෙඩ් කාඩ්’ රහසිගත මෙහෙයුමෙන් ශ්‍රී ලාංකික හිමි නමක ඇතුළු හතක් ඇමෙරිකාවේ බොස්ටන්හි දී නීතියේ රැහැනටකොටු වී ඇති බව වාර්තාවේ.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ ශ්‍රීලාංකික බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය මහයායේ විනීත හිමි ඇතුළු තවත් පුද්ගලයින් පිරිසකි.
අමෙරිකාවේ බොස්ටන් නගරය තුළ ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අතරතුර සිදුවන ලිංගික වෙළඳාම සහ මිනිස් ජාවාරම් ජාල මැඩපැවැත්වීම සඳහා දියත් කළ විශේෂ රහසිගත මෙහෙයුමක දී, මේ භික්ෂුව ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීන් නිකුත් කළ නිවේදයක සඳහන් වේ.
2026 ජූනි 13 වන සෙනසුරාදා දින බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ (BPD) මිනිස් ජාවාරම් මර්දන අංශය සහ ප්‍රාන්ත පොලිසිය එක්ව මෙම විශේෂ වැටලීම සිදුකර ඇත. නීතිවිරෝධී වාණිජ ලිංගික සේවා සඳහා පවතින ඉල්ලුම මර්දනය කිරීම සහ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ලිංගික ජාවාරම් කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව සිදුකරන උත්සාහයක කොටසක් ලෙස මෙම මෙහෙයුම දියත් කර ඇත.

බොස්ටන් පොලිස් මාධ්‍ය අංශය සහ Boston.com වෙත ලැබී ඇති සිදුවීම් වාර්තාවලට අනුව, වාණිජ ලිංගික වෙබ් අඩවිවල කාන්තාවන් සහ ළමයින් ප්‍රචාරය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් මෙම පරීක්ෂණය නිල වශයෙන් "ඔපරේෂන් රෙඩ් කාඩ්" (Operation Red Card) ලෙස නම් කර තිබුණි. මෙම පරීක්ෂණය පුරාවටම ප්‍රාන්ත පොලිස් නිලධාරීන් රහසිගතව (Undercover) කටයුතු කර ඇත.

බේ විලේජ් (Bay Village) හි පිහිටි රිවියර් හෝටලයේ (Revere Hotel) ලිපිනය වන අංක 200 ස්ටුවර්ට් වීදියේදී (200 Stuart St.) සිදුකළ මෙම වැටලීමේ දී පහත සඳහන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කළේ ය.
v පූජ්‍ය මහයායේ විනීත හිමි (Rev. Mahayaye-Vineetha Thero) – වයස 32 (ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක්)
v යාසීන් අහමඩ් (Yaseen Ahmad) – වයස 19
v ඩැරන් ෆ්‍රැන්සිස්ක් (Darren Francisque) – වයස 24
v මැතිව් ෆිට්ස්පැට්‍රික් (Matthew Fitzpatrick) – වයස 26
v ටිමති සිටෝරස් (Timothy Sitorus) – වයස 42
v ඇන්ජලෝ ෆුර්ටාඩෝ (Angelo Furtado) – වයස 54
v සුන්දරරාජන් වෛද්‍යනාදන් (Sundararajan Vaidyanathan) – වයස 56
මහ යායේ විනීත හිමි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර විදේශ විශ්වවිද්‍යාලවලින් ද උපාධි ලබා තිබේ. ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක බෞද්ධ උපදේශකයෙකු ලෙස කටයුතු කරන බව ද වාර්තාවී තිබෙනවා.
සටහන - Janaka Edirisinghe
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
