වෙඬරුවේ උපාලි   හිමියන්ගේ ප්‍රකාශයේ වරදක් නෑ - සජිත්

වෙඬරුවේ උපාලි   හිමියන්ගේ ප්‍රකාශයේ වරදක් නෑ - සජිත්

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි   නාහිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශය තුළින් වැරදි දෙයක් අදහස් කළා යැයි තමා නොසිතන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පවසයි.

පසුගියදා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත.

විවිධ අවස්ථාවන්වලදී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ හැඟීම්බරව විවිධ ප්‍රකාශ සිදු කරන බවත් එම ප්‍රකාශ තුළින් උන්වහන්සේලා වැරදි දෙයක් අදහස් කරන බව තමා විශ්වාස නොකරන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

නිදහසේ අදහස් ඉදිරිපත් කිරීම උද්ඝෝෂණ පැවැත්වීම වර්ජන සිදු කිරීමට අද  නිදහස තිබෙන බවත් කෙනෙකු එම නිදහස වැරදි ආකාරයෙන් අර්ථකථනය කරමින් රට තුළ අවුල් වියවුල් බවක් තිබෙන බවට සමාජයට ඒත්තු ගැන්වීම සඳහා කටයුතු කරන බවත් එය වැරදි අර්ථකථනයක් බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රට තුළ නිදහසේ ජීවත්වීමට වැදගත් වන්නේ නැතිනම් ආඥා දායකත්වයත් තුළින් රටේ නිදහස සීමා කිරීමද වැදගත් වන්නේ යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔහු පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න