තැපැල් වර්ජනය හේතුවෙන් සිය පරීක්ෂණවලට බලපෑම් එල්ල වී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය සඳහන් කළේ, ඉන් රේගු නිවාරණ, ගමන් බඩු, මධ්‍යම ආදායම් සමීක්ෂණ සහ මධ්‍යම විමර්ශන යන අංශවලට බලපෑම් එල්ල වී ඇති බව ය.
වර්ජනය හේතුවෙන් ඇතැම් රේගු වැටලීම්වලට අවශ්‍ය වැඩිදුර කැඳවීම් කිරීම අපහසු වී ඇතැයි ද විපුල මිනුවන්පිටිය සඳහන් කර ඇත.

