මෙවර පැවති රයිගම් සම්මාන උලෙළෙහි දී ''ඉරගිනි මද්දහන්න'' ටෙලිනාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ සංගීතය හොඳ ම රයිගම් ටෙලි සම්මානය ලෙස පිදුම් ලැබුව ද, එදින එම සම්මානය බාර ගැනීම සඳහා එහි නිර්මාතෘ වන දර්ශන රුවන් දිසානායක නොපැමිණියා යැයි චෝදනා කරමින් අදාළ සම්මානය අවලංගු කර ඇත.
දර්ශන පවසන්නේ ඔහු නොපැමිණිය ද සිය දියණියට සම්මානය ලබා දී පසුව එය අවලංගු කළැයි පවසන්නේ කුමන පදනමක් යටතේ ද යන්න ය. මන් ද එදින සම්මාන උලෙළට සහභාගි නොවී, අදාළ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය වෙනුවෙන් අදාළ සම්මානය වෙනකකු ලබාගෙන ඇත්තේ දර්ශන ගේ දියණිය පමණක් නොවන බැවිනි.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් දර්ශන රුවන් දිසානායක සිය face book පිටුවෙහි තබා තිබූ සටහනකි.
අප වුව ද මෙය පළකරන්නේ දර්ශන රුවන් වෙනුවෙන එබඳු අමානුෂික තීරණයක් ගත්තේ ඇයි ද යන්න විමසමිනි. රයිගම් උලෙළෙහි සංවිධායිකයින් හෝ ඒ සඳහා වගකිව යුත්තෙකුට අවැසි නම් මේ වෙනුවෙන් කරුණු දැක්විය හැකි ය.
''ඉරගිනි මද්දහන්න'' ටෙලිනාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ සංගීතය සඳහා ලැබුණු රයිගම් සම්මාන ත්‍යාගය උළෙලට සහභාගි නොවීම නිසා එම ආයතනය විසින් අවලංගු කිරීම.
මුලින් ම මට ලැබුණු සම්මානය ලබාදීමට එය අදාළ ටෙලි නාට්‍යයේ පසුබිම් සංගීතය කියවා ගත් රයිගම් සම්මාන උළෙලේ සංගීතය සම්බන්ධව කටයුතු කළ විනිශ්චය මණ්ඩලයට මම, මගේ ස්තුතිය පුද කරමි...!
දැන් මම මේ සටහන පටන් ගන්නම්.
පළමුවෙන්ම කියන්න ඕන මේ කියන ආකාරයේ සම්මාන උළෙලට කලින් මට එවන ලද හෝ මා සම්බන්ධ වී ගිවිසුම් ගත් කොන්දේසි ලිපියකට මම අත්සන් කර නැති බව.
හැබැයි එහෙම කොන්දේසි සහිත මීට පෙර මේ පෘතුවි ග්‍රහලෝකයෙන් තිබුණු සම්මාන උළෙලක් ගැන ද මම අහලා දැකලා නෑ. ඒ වගේම එදා රයිගම් සම්මාන උළෙලේ වේදිකාවට නොගිහින් සම්මාන ලබපු අය තවත් ඉන්නවා. ඒ බොහෝ අයගේ සම්මාන ගත්තේ වෙනත් අය. මම දන්නෑ මේ රයිගම් තීරණය ඒ හැමෝටමත් පොදු ද කියලා.
කෙසේ නමුත් රයිගම් සම්මානය ලද පසු මට අද එක පාරටම whatsapp හරහා ලැබුණු ලිපිය. මා පහත පළ කරන්නම්.
ඔය සම්මාන උළෙල තිබුණ දවසේ මට යම් අසනීප තත්ත්වයක් නිසා වෛද්‍යවරයෙකු හමුවීමට යෑමට සිදුවීම නිසා සහභාගිවීමට නොහැකි විය. ඒත් ඒ සඳහා මගේ දියණිය ගොස් සහභාගී වී මේ සම්මානය ලබාගත්තා. දැන් මේ කියන විදියට සම්මානය ද වලංගු නැති ආකාරයකි මට හැඟුණේ.
මේ සඳහා වූ කරුණු කාරණා බොහොමයක් පෙර සිට ම මම දනිමි. අතීතයේ මෙවැනි සම්මාන උළෙලවල ඕනෑ තරම් ඒ කලාකරුවා වෙනුවෙන් බිරිඳ හෝ දරුවන් නොමැති නම් කලා නිර්මාණයට සම්බන්ධ කවුරු හෝ ලබාගන්නවා. ලෝක පූජිත සම්මාන උළෙලවලත් ඒක ඒ විදිහට වෙනවා.
ගිය වරක් මම මෙම සම්මාන උළෙලට සහභාගි වුණා. ඊට පෙරත් මම සහභාගි වුණා. මේ කියන විදිහට සම්මානය ද නැවත ඔවුන් භාරගත යුතුයි. හැබැයි ලංකාවේ සියලු ම කලාකරුවන් වෙනුවෙන් මම මෙම සටහන තියන්නේ. මෙවැනි බාල බොළඳ සම්මාන උළෙලවල් තියෙනවාට වඩා හොඳයි නොතිබ්බා නම් කියලා.
මට තිබුණා දියණියත් නොයවා එතන හිටපු අධ්‍යක්ෂකවරයාට මේ සම්මානය ගන්න කියලා කියන්න. හැබැයි මම එහෙම කලේ නැත්තේ සම්මානය ලැබුණොත් එහි ගෞරවය තියන්න ඕන නිසා. මම හිතුවා ඒක එහෙමනම් ඉදිරි සියලු රයිගම් සම්මාන උළෙලවල් සඳහා සහභාගි නොවන්නට.
මගේ ටෙලි නාට්‍ය ඕනෑ තරම් ඉදිරියට එනවා. ඔන්න මං අද කිව්වා කියලා හිතන්න ඉදිරියට එන ටෙලිනාට්‍යවල සම්පූර්ණයෙන් ම රයිගාම් සම්මාන උළෙලෙන් ඉවත් වන්නට ඉඩ තියෙයි. මේක සම්මාන උළෙලක් ද, නොමැති නම් කලාකරුවන් ගෙන් පළි ගැනීමේ උළෙලක් ද ? දැන් එයාලා හිතන විදියට මගේ ඉදිරි කලා ගමන නවතීවි. අවසාන වශයෙන් ඔය සම්මාන උළෙලට කියන්න ඕන සම්මාන නම් ඕනෑ තරම් මට ලැබී ඇත. තවත් ඉදිරියටත් ලැබෙනු ඇත.
ගියවරත් වුණ සිද්ධිය මට දැනුණා. ඉදිරි පරම්පරාවට ඇගයීම් සම්මාන ලැබිය යුතුයි. නමුත් ඒක ගෞරවනීය සම්මාන උළෙලවලින් ලැබෙනවා නම් තමයි හොඳ. එන්න එන්නම එවැනි සම්මාන උළෙලවල් මෙවැනි ආදර්ශ තුළින් පරිහානියට පත් වනු ඇත. මේ මුදල් නම් අවශ්‍ය නැත. නමුත් මේ දුන් ආදර්ශය ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයටම විතරක් නෙමෙයි කලාකරුවන්ට ද මහත් අවමානයකැයි මම පෞද්ගලිකව සිතමි. මෙවැනි දිහා බලාගෙන සතුටු වන ඒවාටම කත් අදින ම්ලේච්ඡ ව්‍යාජ කලාකරුවන්ට නොවෙයි මේ සටහන ඇත්තටම හදවතින් කලාව කරන සංවේදී හැබෑම දක්ෂ කලාකරුවන් සමස්තය වෙනුවෙනුයි.

Darshana Ruwan Dissanayake
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
