Image

මාතර දිස්ත්‍රික්කයේ සියලු නගර මළගමක් බවට පත් කරලා

මාතර දිස්ත්‍රික්කයේ සියලු නගර මළගමක් බවට පත් කරලා

මාතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන අලුත් අවුරුදු ප්‍රචාරක ක්‍රියා සියල්ල නවත්වන්නැයි මාතර පොලිසිය දන්වා ඇතැයි හිටපු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු වන එල්බට් ඩොමිනිකෝන් පැවසී ය.

ඔහු මේ බව සඳහන් කරන්නේ, මෙවර සිංහල දෙමළ අලුත් අවූද්ද වෙනුවෙන් පෙර පරිදි දැන්වීම් කටයුතුවල නිරත වූ වෙළඳ දැන්විම් නිර්මාණකරණයේ යෙදෙන අයට, වෙළඳ දැන්වීම් පටිගත කරන ශබ්දාගාර හිමිකරුවන්, වෙළඳ දැන්වීම් සඳහා හඬ කවන නිවේදක නිවේදිකාවන් මෙන් ම ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දෙන ආයතන සියල්ලෙහි ආදායම් මාර්ග ද මෙය හේතුවෙන් ඇනහිට ඇති බව  ද දන්වමිනි.

ජනතාව ගේ සුබ සිද්ධිය වෙනුවෙන් බලයට පැමිණි අනුර කුමාර ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව යටතේ ජනතාව මේ ආකාරයට අසරණ කරවීම කෙතරම් ඛෙදජනක ද යන්න විමසන එල්බට් ඩොමිනිකෝන්, මේ සම්බන්ධයෙන් වහා ම සොයා බලා කඩිනම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයා ගේන් ඉල්ලා සිටියි.

සටහන - ජයසිරි අලවත්ත

 

මෙතැනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න