ඉතා පහසුවෙන් විඳිය හැකි, විසඳිය යුතු ගැටලු දැවැන්ත අර්බුධ බවට පත් කරගැනීම සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව දක්වන සමත්කම විස්මිත ය.
දැනගන්නට ලැබී ඇති පරිදි රේගුව විසින් රඳවාගනු ලැබ ඇති දීප චෙල්වන්ගේ කෘති පිලිබඳ ගැටලුව තවමත් විසඳී නැත. නිර්මාණකරුවකු ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් මෙවන් බාධා පැමිණවීම දියුණු සමාජයක් වෙනුවෙන් දේශපාලන වේදිකාවන්හී දැවැන්ත දේශනා පැවැත්වූ ආණ්ඩුවකට තරම් නොවේ. නිලධාරීන් විසින රඳවාගනු ලැබූව ද එවන් විටක ගත යුතු වේගී ක්‍රියාමාර්ග ගැනීමට එකී නිලධාරී යන්ත්‍රය ම කටයුතු කිරීමත් එසේ නොවන විටක එහි බරපතළකම වටහා ගනිමින් අදාළ දේශපාලන බලධාරීන් මැදිහත්වීමත් අවශ්‍යය. නමුදු පවත්නා තත්ත්වය ව්‍යංගයෙන් පවසන්නේ එවන් කිසිවක් සිදු නොවූ බව ද?
ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවා
අනුර හට දෙමළ සමාජයෙන් ලැබෙන ඉහළ පිලිගැනීම ආකර්ෂණයෙන් උත්කර්ශයට නංවන දකුණට දෙමළ සමාජයේ අදහස් ප්‍රකාශනයට මෙලෙස බාධා එල්ල වීම නොපෙනන අයුර ඉතා කනගාටුදායක ය. අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය යනු සංවාද තලයේ විසඳාගත යුත්තකි. මම දීප චෙල්වන්ගේ ඇතැම් කෘතිවල සිංහල පරිවර්තන කියවා ඇත්තෙමි. දීප යනු ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි. ඔහුගේ කෘති කියවූ සැලකිය යුතු පිරිසක් සිංහල සමාජයේ ද සිටිති. අප කළ යුතුව ඇත්තේ දෙමළ සමාජයෙන් එන හඬට වඩ වඩා ඉඩ සැලසීම මිස ඒ යටපත් කිරීම නොවේ. වෙසෙසින් ම ජනතා නිදහස සහ අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුවක් යටතේ එවන් දෑ සිදු නොවිය යුතු ය.
වගකිව යුත්තෝ කල් මැරීම
බරපතලම ප්‍රශ්ණය ඇත්තේ සහෝදර නිර්මාණකරුවකුට මෙවන් බාධා එල්ලවීමෙහි නොවේ. එවන් බාධා හමුවෙහි ඊට මැදිහත්විය යුතු බලධාරීන් සහ දේශපාලන අධිකාරිය කල්මැරීම ය. බහුතරයක් අනෙක් නිර්මාණකරුවන් ද එය සාමාන්‍ය දෙයක් සේ සලකා නිහඬව සිටීම ය.
ජන ඝාතක මිසයිල ගුවනේ සරනා ලෝකයක් අපේ පිළිකුලට ලක්විය යුතු ය; අප ඊට එරෙහිවිය යුතු ය. ඒ අතරම අදහස් ප්‍රකාශනයට ඉඩ නොදී ඒවා මිසයිලවලටත් වඩා බියකරු යයි සලකා වාරණයට ලක් කරනා පසුබිමක් කරා අප ගමන් කරන්නේ නම් එය පිළිකුල් සහගත වනවා පමණක් නොව බිහිසුණු ද වන්නේ ය.

චූලානන්ද සමරනායක
සබැඳි පුවත්
ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත
දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට
දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
