කොටියා මැරූ දෙදෙනෙක් අත්අඩංගුවේ !

කොටියා මැරූ දෙදෙනෙක් අත්අඩංගුවේ !

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියෙකු  ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

21 වනදා අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු  මෙම කොටියා  ඉතා කෘර  අයුරින්  මරා දැමූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය 22  වැනිදා  කිලිනොච්චිය අධිකරණය විසින්  ලබා දුන්  අධිකරණ නියෝගයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඒ එම කොටියා  මරා දමන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ සහ ඡායාරූප උපයෝගි  කරගනිමින්ය.

එසේම අදාළ සිදුවීමේ ඡායාරූප හා රූප රාමු සැලකිල්ලට ගෙන තවත් සැකකරුවන් සිව් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇති  අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට පරීක්ෂණ අරඹා ඇති බවද වාර්තා වෙයි.

ඊට අමතරව පත් කර ඇති  අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන්  කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව  එම අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සැළසුම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න